Saturday, June 29, 2013

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ලෝක උරුම අඩවි - අභීත සීගිරිය (ii) World Heritages in Sri Lanka (Part 2)

සීගිරි චිත්‍ර: ආලකමන්දාවක් යැයි කීමේදී සීගිරි චිත්‍ර ඉතාමත් වැදගත්ය. ක්‍රි.ව. 08 දී චිත්‍ර 502 ක් පැවති බව සඳහන් වුව ද අද දක්නට ඇත්තේ චිත්‍ර 22ක් පමණි. මෙම චිත්‍ර ප්‍රධාන ලෙස බටහිර ගල් පර්වතය දිගේ දක්නට ලැබේ. තවද නයි පෙන ගුහාව, වතුර බක්කි ගල ගුහාව, දැරණියගල ගුහාව හා ශිලා උද්‍යානයේ ගුහාවන්හි දක්නට ලැබේ. චිත්‍ර ඇඳීමේදී තලය සඳහා මී පැණි, හුඹස් මැටි, දහයියා මිශ්‍රණයක් යොදාගෙන තිබේ. වර්ණ සැකසීම සඳහා ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදී දේශීය අමුද්‍රව්‍ය...

Sunday, June 16, 2013

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ලෝක උරුම අඩවි - අභීත සීගිරිය (i) (World Heritages in Sri Lanka - Part 2)

සීගිරිය පෞඩ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානනීය පියමංතලාවක් වන සීගිරිය, සිංහල චිත්‍ර කලාවේ ද, වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ද ලොව අටවැනි පුදුමයට පාත්‍ර වන්නට තරම් උතුම් ලද මහා කලාගාරයකි. අපේ වංශ කතා වලට අනුව සීගිරි කතා පුවත ගොඩනැගෙන්නේ සීගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමුවන කාශ්‍යප රජු වටා ය. සීගිරිය වනාහි හතරවන ශතවර්ශයට අයත් පැරණි රජ වාසලකි. එකළ සීගිරිය, රජ මාළිගයක් මෙන්ම බලකොටුවක් ලෙස ද භාවිත කළ ස්ථානයකි....

Sunday, June 9, 2013

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ලෝක උරුම අඩවි - පුරාතන පොළොන්නරුව (World Heritages in Sri Lanka - Part 1)

ශ්‍රී ලංකාවේ සුවිෂේශ ස්ථාන 8 ක් ජගත් ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ (UNESCO) ආයතනය විසින් නම් කොට ඇත. නාමිකව ගත් කළ පුරාතන පොළොන්නරුව (1982) , අභීත සීගිරි නගරය (1982) , රන්ගිරි දඹුලු විහාරය (1991) , පුරාතන ගාලු නගරය හා එහි ආරක්ෂාව සැපයීමේ ක්‍රමෝපායන් (1988) , පූජනීය අනුරාධපුර නගරය (1982) , පූජනීය මහනුවර නගරය (1988) , සිංහරාජ වන රක්ෂිතය (1988) හා ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් (2010) ජගත් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත. පොළොන්නරුව: ශ්‍රී ලංකාවේ රාජධානීන්...

Monday, June 3, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - එළු පාලනය (කොටස 5)

ශ්‍රී ලංකාවේ එළුවන් පාලනය. යාපනය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක වල ප්‍රධාන වශයෙන් එළුවන් ඇති කෙරේ. පුත්තලම කොට්ටුකච්චිය නම් ස්ථානයෙහි එළු ගොවිපළක් ඇත.  එළුවන් 10% ක් පමණ කිරි ලබා ගැනීම සඳහා ද 90% ක් මස් පිණිස ද යොදාගනී. ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක වුවද එළුවන් ඇති කල හැකිවේ. ශ්‍රී ලංකාවේ ඇති කිරීමට උචිත එළු වර්ග: ජම්නපාරි (Jamnapari)  ඉන්දීය සම්භවයක් සහිත තරමක් විශාල ශරීරයක් ඇති වර්ගයකි. කන් විශාලය. එල්ලා වැටේ....

Sunday, May 26, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - ඌරු පාලනය (කොටස 4)

ශ්‍රී ලංකාවේ ඌරු පාලනය. ඌරු ගොවිපළවල් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ මුහුදු බඩ සත්ත්ව පාලන තීරුවේ ප්‍රචලිත වී ඇත. ගම්පහ ප්‍රදේශය ප්‍රමුඛ වන අතර පුත්තලම, කුරුණෑගල, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්ක වලද ඌරන් ඇතිකරනු ලැබේ. මස් ලබා ගැනීම මූලික අරමුණයි. රාජ්‍ය අංශයේ ගොවිපලවල හා පෞද්ගලික ගොවිපලවල ඌරන් ඇති කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඇති කිරීමට සුදුසු ඌරු වර්ග: ලාජ් වයිට් (Large White)  බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රදේශයේ සම්භවය සිදු වී ඇත. මොවුන්ගේ ශරීර...

Friday, May 24, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - කුකුළු පාලනය (කොටස 3)

ශ්‍රී ලංකාවේ කුකුළු පාලනය. වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල සහ බස්නාහිර පළාතේ කළුතර යන දිස්ත්‍රික්ක වලින් ආවරණය වන කුකුළු පාලන බිම් තීරුව (Poultry belt) තුළ කුකුළු පාලනය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව පවතී. මහනුවර, මාතලේ, ගම්පහ, කොළඹ, හම්බන්තොට දිස්ත්‍රික්ක වලද කුකුළු පාලනය සිදු කෙරේ. මෑතක සිට කුකුළන් ඇති කිරීම වානිජ මට්ටමින් වර්ධනය වී ඇත. පෞද්ගලික අංශය මෙහිදී ප්‍රමුඛත්වයක් ගනී. ප්‍රාග්ධන සූක්ෂම අභිජනන ගොවිපලවල්, කුකුළු කෑම නිෂ්පාදනාගාර, මස් පිණිස කුකුළන්...