වතු වගාවේ ඉතිහාසය
ක්‍රි.ව. 1835 දී ශ්‍රී ලංකාවේ වතු වගාව ආරම්භ වූයේ කෝපි වගාව මුල් කරගෙනය. එකළ කෝපි වගාවේ දියුණුවට බලපෑ හේතු කිහිපයකි.
- යුරෝපයේ කෝපි පරිබෝජනය ජනප්‍රිය වීම.
- බටහිර ඉන්දීය දූපත් වල කෝපි නිෂ්පාදනය අඩාල වීමෙන් ශ්‍රී ලංකාව වැනි රටවල කෝපි වලට වැඩි ඉල්ලුමක් ලැබීම.
- වතු වගාව සදහා ශ්‍රී ලංකාවෙන් පහසු මිලට ඉඩම් ලබා ගත හැකි වීම. (1840 මුඩුබිම් පනතට අනුව ලිඛිතව අයිතියක් දැක්විය නොහැකි වූ ඉඩම් රජයට පවරා ගනු ලැබීම හා රජය මෙම ඉඩම් ඉතා අඩු මිලට වැවිලිකරුවන්ට ලබා දීම)
ක්‍රි.ව. 1868දී වැළදුණ දිලීර රෝගයකින් කෝපි වගාව පරිහානියට ලක් විය. මේ නිසා කෝපි වගාවෙන් රජය ලැබූ ආදායමද අඩු විය.
කෝපි වගාව පිරිහීමත් සමග වැවිලිකරුවන්ගේ අවධානය යොමු වූයේ තේ වගාව කෙරෙහිය. කදුකරයේ පිහිටි භූ ගෝලීය පරිසරය තේ වගාවට යෝග්‍ය විය.
ඒ වන විට එංගලන්ත තේ වෙළදපොලේ තේ සදහා හොද මිලක් තිබූ බැවින් තේ නිෂ්පාදනයෙන් වැඩි ආදායමක් ලබා ගත හැකි විය. එනිසා බ්‍රිතාන්‍ය හා දේශීය ධනවත්තු ලංකාවේ තේ වගාවට දායක වූහ. කෝපි වගාවේ පරිහානියෙන් අතරමංවී සිටි වැවිලිකරුවන්ට තේ වගාව හොද ආයෝජන මාවතක් සේ පෙනුණි.
තේ වගාවට, කෝපි වගාවට වඩා වැඩි ශ්‍රමික පිරිසක් අවශ්‍ය විය. දේශීය ශ්‍රමිකයන් තේ වගාව සදහා ශ්‍රමය යෙදවීමට අකමැති වූ හෙයින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුලීකරුවන් ගෙන්වා ගන්නා ලදී.
තේ වගාව ලංකා ආර්ථිකයේ නව යුගයක් ආරම්භ කළේය. තේ වගාව හා ප්‍රවාහනය ඇසුරින් බැංකු, රක්ෂණ හා මූල්‍ය සමාගම් බිහිවීමෙන් ලංකාවේ ආර්ථික ප්‍රසාරණයක් ඇති විය.
මෙසේ හදුන්වා දුන් තේ වගාව ප්‍රථමයෙන් අක්කර 500ක පමණ වගා කරන ලදී. පසුව එය අක්කර 165,000ක් දක්වා වගාව දියුණු විය.
ක්‍රි.ව. 1877දී පමණ රබර් වගාවද ශ්‍රී ලංකාවට හදුන්වා දෙනු ලැබිණ. මුල් අවධියේදී රබර් වගාව ඇරඹුනේ සුළු වශයෙනි. එහෙත් 1890 පමණ වන විට ලංකාවේ රබර් වගාව වාණිජ බෝගයක් බවට පත් විය. මෙකළ යුරෝපයේ ඇති වූ මෝටර් රථ කර්මාන්තයේ දියුණුව සමග රබර් සදහා වූ ඉල්ලුම වැඩි විය. එහෙයින් විදේශීය මෙන්ම දේශීය ආයෝජනයද රබර් වගාවට යොමු විය. විසි වන සියවසේ මුල් අවධිය වන විට වානිජ බෝගයක් වශයෙන් රබර් වගාව දෙවෙනි වූයේ තේ වලට පමණි.
මෙරට රබර් වගාව ප්‍රථමයෙන් ආරම්භ වූයේ කළුතර දිස්ත්‍රික්කයේය. ඉන්පසු කෑගල්ල, කොළඹ, මාතර, ගාල්ල වැනි දිස්ත්‍රික්ක වලද රබර් වගාව සීඝ්‍රයෙන් පැතිර ගියේය. කදු බෑවුම් ප්‍රදේශ මේ සදහා වඩාත් යෝග්‍ය විය.
1920 දී පමණ රබර් වගාවට ලැබෙන ආදායම අඩු වීම සිදුවිය. 1920 දී පමණ ලෝක ආර්ථිකය පිරිහීමත් සමග රබර් වගාවද පිරිහීමට ලක්විය.
කෝපි වගාවේ පිරිහීමත් සමගම පහතරට තැනිතලා බිම් පදෙස් වල පොල් වගාවද ආරම්භ විය. දෙවෙනි වගාව ලෙස ආරම්භ කල පොල් වගාව ක්‍රි.ව. 1871දී දිවයිනේ වගා බිම් වලින් 37% ක් පමණ විය. ක්‍රි.ව. 1890 වන විට 41% දක්වා වැඩි වීමෙන් පැහැදිලි වන්නේ කෙටි කාලයක් තුළ පොල් වගාවේ සිදු වූ සීඝ්‍ර ව්‍යාප්තියයි.
ශ්‍රී ලංකාවේ වයඹ, බස්නාහිර, දකුණ යන පලාත් වල පොල් වගාව සීඝ්‍රයෙන් පැතිර ගියේය. ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය වන්නේ හලාවත, කොළඹ, කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුනයි.
පිලිපීනයේ පොල් වගාව ආරම්භයත් සමගම ලංකාවේ පොල් වගාව පිරිහීමට පත් විය.
0 comments:
Post a Comment