Sunday, April 28, 2013

ශ්‍රී ලංකාවේ පොල් වගාව.


ශ්‍රී ලංකාවේ පොල් වගාව
දේශීය පරිභෝජනය සදහා ඈත අතීතයේ සිටම පොල් වගාව පැවති නමුත් එය වානිජ බෝගයක් ලෙස ව්‍යාප්ත වූයේ යටත් විජිත පාලන සමයේ දී ය.

පොල් වගා ව්‍යාප්තිය:
කොළඹ, කුරුණෑගල හා හලාවත යන නගර සම්බන්ධ කරන පොල් ත්‍රිකෝණය නමින් හදුන්වන කලාපය ප්‍රධාන වගා ප්‍රදේශයයි. රන්න, මිද්දෙණිය, තංගල්ල ආශ්‍රිත  ප්‍රදේශය සුළු පොල් ත්‍රිකෝණය ලෙස වැදගත් වේ.
ඒ හැර කොළඹ සිට තංගල්ල දක්වා වෙරළබඩ පටු තීරයක් ඔස්සේ ද මඩකලපුව හා යාපනය අර්ධද්විපයේ ද වියළි කලාපයේ භූගත ජලය ඇති  ප්‍රදේශවල ද සුළු වශයෙන් වගා කෙරේ.


බලපාන සාධක:

  • උෂ්ණ තෙත් දේශගුණයක් පැවතීම.
  • 20-27 (සෙල්සියස්) දක්වා උෂ්ණත්වය.
  • වාර්ෂිකව 2000mm - 2500mm අතර පැතිරුණු වර්ෂාපතනය.
  • 300m ට වඩා පහත් බිම්.
  • ලුණු මිශ්‍ර වැලි පසක් තිබීම.
  • මිනිස් ශ්‍රමය.
ප්‍රවණතා:
  • පොල් පර්යේෂණ ආයතනයේ කටයුතු පුළුල් කිරීම.
  • උපදේශන සේවා පුළුල් කිරීම.
  • ගෙවතු වගාවක් ලෙස සහනාධාර යටතේ පොල් වගා කිරීමට ජනතාව පෙළඹීම.
  • පොල් ඉඩම් වල අතුරු බෝග ප්‍රචලිත වීම.
    • අන්නාසි
    • කෝපි
    • කෙසෙල්
    • ගම්මිරිස්
  • නිෂ්පාදන විවිධාංගීකරණය.
  • වගා ණය ලබා දීම.
ගැටළු:
  • අඩු අස්වැන්න.
  • පළිබෝධ හා කෘමි උවදුරු.
  • පොල් ඉඩම් කැබලි කර විකිණීම.
  • දේශගුණික බාධා.
  • දේශීය පරිබෝජනය වැඩි වීම නිසා අපනයනයට ඇති ප්‍රමාණය අඩු වීම.
  • පොල් නිෂ්පාදන වලට ආදේශක වෙළදපොලට පැමිණීම.
    • එලවළු තෙල්
    • ෆාම් තෙල්
  • පොල් වගාව නැංවීමට රජය ප්‍රමාණවත් අනුග්‍රහයක් නොදැක්වීම.
නංවාලීමට ගෙන ඇති පියවර:
  • අලුතින් පොල් වගා කිරීමට සංවර්ධන යෝජනා ක්‍රමයක් හදුන්වා දී ඇත. එය කප්රුක ආයේජනය ලෙස හැදින්වේ.
  • මේ යටතේ පොල් වගාව, අතුරු වගාව, වාරි මාර්ග, ගොවිපල යාන්ත්‍රීකරණයට ණය ක්‍රම හදුන්වා දී ඇත.
  • පොල් වගාකරුවන්ගේ ආදායම වැඩි කර ගැනීමට යටි වගාව හදුන්වා දී ඇත. එම ඉඩම් වල පැෂන්, කෙසෙල්, ගම්මිරිස්, බුලත් වගා කිරීමට රජය ආධාර ලබා දීම.
  • වර්තමානයේ පොල් නිෂ්පාදන පදනම් කොට ගෙන විවිධ ද්‍රව්‍ය සැකසීමට පියවර ගෙන ඇත.
    • පොල් පවුඩර්
    • පොල් ක්‍රීම්
  • ලුණුවිල පිහිටා ඇති පොල් පර්යේෂණාගාරය මගින් වැඩි ඵලදාවක් ඇති පොල් විශේෂ හදුන්වා දීම. (පටක රෝපණය මගින්)
  • පොල් වගාවට වැළදෙන වසංගත රෝග අවම කර ඒවා මර්ධනය කිරීමට විවිධ පියවර ගෙන ඇත.  

ආශ්‍රිත කර්මාන්ත:
  • කොප්පරා (කපාපු පොල්)
  • පොල් තෙල්
  • විනාකිරි
  • කොහු කර්මාන්තය
  • ගෘහ භාණ්ඩ සෑදීම
  • නොයෙකුත් ආහාර වර්ග සෑදීම
    • ටොෆි
    • බිස්කට්
    • අලුවා
  • වියළි පොල් කිරි නිෂ්පාදනය

4 comments:

  1. Pol wagawe Kurumini uwadurata behet karanne kohomada podi pehedili kirimak karanna... paliboda nasaka youdan akarya saha paliboda nashaka waraga gena..
    chatuwela@gamil.com

    ReplyDelete
  2. ගොඩක් හොඳ වාර්තාවක්.බොහොම ස්තූතියි.Good luck!

    ReplyDelete
  3. නියම වාර්තාවක් එලකිරි සුපිරි කිරි පොල් 🇬‌🇴‌🇴‌🇩‌ 🇱‌🇮‌🇨‌🇰‌

    ReplyDelete