Sunday, May 26, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - ඌරු පාලනය (කොටස 4)


ශ්‍රී ලංකාවේ ඌරු පාලනය.
ඌරු ගොවිපළවල් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ මුහුදු බඩ සත්ත්ව පාලන තීරුවේ ප්‍රචලිත වී ඇත. ගම්පහ ප්‍රදේශය ප්‍රමුඛ වන අතර පුත්තලම, කුරුණෑගල, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්ක වලද ඌරන් ඇතිකරනු ලැබේ. මස් ලබා ගැනීම මූලික අරමුණයි. රාජ්‍ය අංශයේ ගොවිපලවල හා පෞද්ගලික ගොවිපලවල ඌරන් ඇති කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ඇති කිරීමට සුදුසු ඌරු වර්ග:

  • ලාජ් වයිට් (Large White) 
බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රදේශයේ සම්භවය සිදු වී ඇත. මොවුන්ගේ ශරීර වර්ණය සුදු ය. සමහර විට ශරීරයේ කළු පැහැති පුල්ලි පිහිටයි. හිස දිගටි හැඩයක් ගනී. කන් අතර ප්‍රදේශය තරමක් පළල්ය. කන් ඍජුව පිහිටයි. බෙල්ල දිගය. පිට කොන්ද දිගය. පුළුල්ය. පාද ඍජුය. වැඩුනු සතෙකු 300-450kg පමණ බරය.

  • ලෑන්ඩ් රේස් (Landrace) 
ඩෙන්මාර්කයේ සම්භවය සිදුවී ඇත. බේකන් නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ වර්ගයකි. සුදු පැහැතිය. සිහින් දිගු ශරීරයක් ඇත. පාද කෙටිය. හිස දිගටිය. කන් ඉදිරියට එල්ලා වැටේ. 


  • දේශීය වර්ගය  
සාපේක්ෂව ශරීරය කුඩාය. ශරීරය කළු, සුදු හෝ මිශ්‍ර පැහැයක් ගනිති. හිස කුඩාය. රවුම් ය. සමහර සතුන්ගේ ශක්තිමත් රදනක දත් වැඩී ඇත.


  • ඩියුරොක් (Duroc) 
බ්‍රිතාන්‍යයේ මුල් උපත සිදු වී ඇත. රතු දුඹුරු හෝ රත්රන් දුඹුරු පැහැ ගනී. වැඩි පැටවුන් ගණනක් එක් පැටවු තලයක ඇත. මාතෘ ගුණය හොඳින් ඇති සතෙකි. ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව වැඩිය. මස් සඳහා සුදුසු වර්ගයකි. පරිණත පිරිමි සතෙකු 400kg ද ගැහැණු සතෙකු 350kg ද පමණ බරය.  





                                                                                                                         To be continued..... 

16 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. බ්ලොග් එකේ නමට අදාලවයි අහන්නෙ.
    ඌරු පාලනය අපේ උරුමයක් වෙන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි... සත්ත්ව පාලනය කියන්නේ අපේ රටට ඒ කාලේ ඉඳලා උරුම වුන දෙයක්, අපේ මුතුන්මිත්තන්ගෙ කාලේ ඉඳලා.. ඉතිං කෘෂිකර්මයේදී සත්ත්ව පාලනය අපි කොටස් 4කට බෙදනවා. ඒ තමයි ගව පාලනය, කුකුළු පාලනය, ඌරු පාලනය හා එළු පාලනය. ඉතිං මං කරන්නේ ඒ ගැන ලිපි පළ කරන එක. මං හිතනවා ඔයා අහපු දේට සාධාරණ පිළිතුරක් මගෙන් ලැබුනා කියලා... By the way thanks for the comment... :)

      Delete
  3. මගේ ආසම සතා ඌරා -- ඇයි දන්නවාද මම Pork Deval වලට හෙන ආසයි

    ReplyDelete
  4. He heee... හොඳයි හොඳයි.. දිගටම Pork Deval කන්න ලැබේවා! Thanks for the comment aiye... :)

    ReplyDelete
  5. මේක කන්ටිනියු කරන්නකෝ

    ReplyDelete
  6. මන් අහල තියෙනවා උරන්ගෙ පොඩි කලෙදි ජුන්ඩා කපනවා කියලා. එතකොට ඒ සතාගේ මස් වෑඩියෙන් වර්දනය වෙනවා කියලා.එක අත්තක් ද?

    ReplyDelete
    Replies
    1. ජුන්ද නෙවි කපන්නේ testicles 2

      Delete
  7. මෙ ඌරන්නට හැදෙන ලෙඩ ගැන විස්තර නැද්ද

    ReplyDelete
  8. මට ගොඩක් වැදගත් සටහනක්. ගෙඩක් ස්තූතියි. සත්ත්ව රෝග ගැනත් දැම්මොත් වඩාත් හොදයි.

    ReplyDelete
  9. What is the best method of weaning piglets ?? SEW or MEW

    ReplyDelete
  10. What is the best method of weaning piglets ?? SEW or MEW

    ReplyDelete