Thursday, May 2, 2013

ශ්‍රී ලංකාවේ සුළු අපනයන බෝග.



ශ්‍රී ලංකාවේ සුළු අපනයන බෝග
තේ, පොල්, රබර් යන ප්‍රධාන අපනයන බෝගවලට ලෝක වෙළදපොළෙහි ලැබෙන මිල උච්චාවචනය වීම නිසා ඒ මත ම බලාපොරොත්තු තබා ගැනීම අවදානම් සහිත විය. ඒ නිසා මීට අමතර වෙනත් අපනයනයන් පිළිබද රජයේ අවධානය යොමුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපනයන විවිධාංගීකරණ වැඩපිළිවෙළ ආරම්භ විය. ඒ යටතේ කොකෝවා, කෝපි, කුරුදු, කරදමුංගු, ගම්මිරිස්, සාදික්කා වැනි බෝග වර්ග වගා කොට අපනයනය සදහා කටයුතු සලසන ලදී. මෙම බෝග වර්ග සුළු අපනයන බෝග නම් වේ. පසු අවධියේ දී මල් වගාව, විසිතුරු පැළ වගාව, කජු, පලතුරු, බුලත් වැනි වගාවන් ද සුළු අපනයන බෝග යටතේ සංවර්ධනය විය.
සුළු අපනයන බෝග කොටස් 2කට වර්ග කල හැක.

  1. සාම්ප්‍රදායික අපනයන බෝග
    • කෝපි
    • කොකෝවා
    • පැගිරි
    • කරදමුංගු
    • සාදික්කා
    • කරාබුනැටි
    • වසාවාසි
     2.  සාම්ප්‍රදායික නොවන අපනයන බෝග
    • බුලත්
    • ඉගුරු
    • වැල් දොඩම්
    • ගර්කින්
    • බිම්මල්
    • එඩරු
    • පැණි කොමඩු
    • මල් පැල
    • මාළුමිරිස්
    • එළවළු
    • පලතුරු
    • කජු

වගාවන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ:

  • ගම්මිරිස්
    • මහනුවර
    • මාතලේ
    • කෑගල්ල
    • ගම්පහ
    • කුරුණෑගල
  • කරදමුංගු
    • මාතලේ
    • මහනුවර
    • රත්නපුරය
  • කරාබු නැටි
    • මහනුවර
    • මාතලේ
    • කෑගල්ල
  • සාදික්කා
    • මාතලේ
    • මහනුවර
    • රත්නපුරය
  • කොකෝවා
    • මාතලේ
    • මහනුවර
  • කෝපි
    • කළුතර 
    • ගම්පහ
    • කෑගල්ල
    • රත්නපුරය
  • කජු
    • මන්නාරම
    • හම්බන්තොට
    • පුත්තලම
  • කුරුදු
    • මීගමුව සිට මාතර දක්වා වෙරළ තීරය
    • රත්නපුරය
  • පැගිරි
    • මාතර
    • හම්බන්තොට

ප්‍රවණතා:
  • සුළු අපනයන බෝග සදහා ණය ආධාර ලබා දිම.
  • විසිතුරු පැළ හා මල් වගා අංශයේ දියුණුවක් ඇති වීම.
  • භූමි අලංකරණය, නිවාස හා හෝටල් අලංකරණය, උත්සව සදහා මල් භාවිතය වැඩිවීම හේතු කොටගෙන දේශීය හා විදේශීය වෙළදපොළෙහි ඉල්ලුම වැඩිවීම.
  • සුළු අපනයන අංශයේ සමස්ථ ආදායම් වැඩි වීමක් දක්නට ලැබේ.
  • අපනයනය සදහා රජයේ සැලසුම්.
    • සප්තා ගිවිසුම
  • පොල් වගාව යටතේ අතුරු වගාවක් ලෙස සුළු අපනයන බෝග වගා කිරීම.
  • 1998 කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යංශයෙන් ආරම්භ කල දෙවෙනි බහු වාර්ශික බෝග ව්‍යාපෘතිය මගින් පළතුරු, කුළු බඩු, මල් හා විසිතුරු පැළ සදහා ආධාර ලැබීම.



 


3 comments:

  1. හරිම සතුටුයි. ඉතා හොඳයි. ඒත් ඔයදේ කරුණු තව දුරටත් නිවැරදි විය යුතුයි.

    ReplyDelete
  2. වර්තමානයේ සුළු අපනයන බෝග ලෙස හඳුන්වන්නේ නැත, එය අපනයන කෘෂිකාර්මික බෝග ලෙස නිවැරදි වියුතුය.
    හම්ම්බන්තොට දිස්ත්‍රිකයේ මිද්දෙනිය සිට රත්නපුර දිස්ත්‍රිකයේ කැල්ල,කොලොන්න.පල්ලෙබැද්ද,ගොඩකවෙල ,වෙලිගේපොල,බලන්ගොඩ සිට බදුල්ල දිස්ත්‍රිකයේ හල්දුම්මුල්ල දක්වා පටිය ශ්‍රී ලංකාවේ ගම්මිරිස් පටිය ලෙස හඳුන්වයි.

    ඔයාගේ මුලාශ්‍ර මොනවද,

    ReplyDelete