ධීවර කර්මාන්තය හා මත්ස්‍ය වගාව.
ධීවර කර්මාන්තය වැදගත් ආර්ථික කටයුත්තක් වීමට හේතු:
- ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීම.
- සේවා නියුක්තියට ඉඩකඩ ලැබීම.
- විදේශ විනිමය ඉපයීම.
- ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලැබීම.
හිතකර භූගෝලීය සාධක:
- දිවයින වටා පිහිටි වෙරළ තීරය. (වර්ග කිලෝමීටර් 21576 ක් වූ නොගැඹුරු මහාද්වීප තටාකයක් තිබීම)
- මත්ස්‍ය ආහාර බහුල වීම.
- කඩතොලු සහිත වෙරළක් තිබීම. (ධීවර යාත්‍රා නවතා තැබීමට හා වරාය සඳහා)
- කඩතොලු වෙරළ ආශ්‍රිත කලපු.
- ගංඟා, වැව් ආදී රටේ අභ්‍යන්තර ජලාශ වල මිරිදිය මසුන් බෝ කළ හැකි වීම.
ධීවර කර්මාන්තයේ ප්‍රධාන අංශ 2කි.
- අභ්‍යන්තර ධීවර කර්මාන්තය (මිරිදිය)
- මුහුදු ආශ්‍රිත ධීවර කර්මාන්තය (කරදිය)
1. අභ්‍යන්තර ධීවර කර්මාන්තය (මිරිදිය)
- රට අභ්‍යන්තරයේ වැව් ආශ්‍රිත කෘතිම ජලාශ වල මාළු ඇතිකිරීම හා ඒ ආශ්‍රිත මසුන් ඇල්ලීම මීට අයත්ය.
- ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර මධ්‍යස්ථාන වල බෝ කරන මත්ස්‍ය පැටව් දිවයිනේ වැව් වලට මුදා හැරීම සිදු කෙරේ.
- ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර මධ්‍යස්ථාන:
- පදවිය
- පොළොන්නරුව
- දඹුල්ල
- රම්බඩගල්ල
- නුවරඑළිය
- ඉඟිනියාගල
- ගිනිගත්හේන
- බඹරකැලේ
- බෙරගල
- පනාපිටිය
- උඩවලව
- මුරුතවෙල
- කරදිය මාළු වලට වඩා මිරිදිය මාළුන්ගේ පෝෂණ ගුණය වැඩියෙන් ඇතැයි යන විශ්වාසය මත මිරිදිය මත්ස්‍ය ඉල්ලුම වැඩි වෙමින් පවතී.
- අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදනය (මිරිදිය) 2005 වර්ෂයේ මෙට්‍රික් ටොන් 33,000 කි.
- මිරිදිය මසුන්;
- ලූලා
- කනයා
- පෙතියා
- හුංගා
- මඟුරා
2. කරදිය ධීවර කර්මාන්තය.
- ශ්‍රී ලංකාවට අයත් ආර්ථික මුහුදු සීමාව වෙරළේ සිට 320km පළල්ය. එම කලාපය තුළ ධීවර සම්පත් වල අයිතිය රජයට හිමිවේ.
- කරදිය ධීවර කර්මාන්තයේ ප්‍රධාන අංශ 2කි.
- මහාද්වීප තටාක හෙවත් වෙරළාසන්න ධීවර කර්මාන්තය.
- ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය (වෙරළේ සිට 40km ඈත මුහුද)
i. වෙරළාසන්න ධීවර කර්මාන්තය.
- කරදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 90% පමණ වෙරළාසන්න ධීවර කර්මාන්තයෙන් නිපදවයි. එහි මසුන් බහුල වීමට හේතු රාශියකි.
- හිරු එළිය හොඳින් මුහුදට වැටෙන නිසා මත්ස්‍යයන්ට අවශ්‍ය සාධක ශාක ප්ලවාංග තිබීම.
- ගංඟා ඇළ දොළ මඟින් ගෙන එන පෝෂක පදාර්ථ බහුලව තිබීම.
- දියවැල් ගමන් කිරීම නිසා ජලයෙහි ඇතිවන කැළඹීම හේතුවෙන් මත්ස්‍ය ආහාර ජලය මතුපිටට ඒම.
- මේ ප්‍රදේශයේ ධීවර සම්පත් රාජ්‍ය අනුග්‍රහය මත ප්‍රයෝජනයට ගැනේ.
- බහුදින ධීවර යාත්‍රා යෙදවීමෙන් තෝරා, පරා, කෙලවල්ලන්, බලයන් වැනි මසුන් ඇල්ලීම සිදුකෙරේ.
- වරාය පහසුකම් වැඩි කිරීම, පර්යේෂණ හා පුහුණු කිරීම් මෙන්ම උපකාරක සේවා සැපයීම මඟින් ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනයට කටයුතු යොදා ඇත.
ගැටළු:
- ධීවර කාර්මිකයාගේ අඩු ආදායම හා ණයගැතිභාවය.
- ධීවර ආම්පන්න හිඟය.
- නුපුහුණු ශ්‍රමිකයන් යෙදී සිටීම.
- ඉන්ධන මිළ ඉහළ යාම.
- දිනෙන් දින අනෙකුත් ධීවර උපකරණ මිළ ඉහළ යාම. (දැල් බෝට්ටු)
- වෙනත් රටවල ධීවරයින් අපේ මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම.
- අවිනිශ්චිත වෙළදපොළ තත්ත්වය.
- ප්‍රවාහනය හා ගබඩා කිරීම පිළිබඳ ගැටළු.
- 2006 දී ඇති වූ සුනාමි රළ පහර නිසා ධීවර කර්මාන්තය දැඩි පීඩනයට ලක්වීම.
- සාම්ප්‍රධායික ක්‍රම භාවිතා කිරීම.
- විසගෙඩි දැමීම.
- බිලි බෑම.
- ඩයිනමයිට් දැමීම.
- යටිතල පහසුකම් නොමැති වීම. (ධීවර වරාය, ගබඩා පහසුකම්, අයිස් නිෂ්පාදනාගාර, යාත්‍රා අලුත්වැඩියා කිරීමට)
- ප්‍රාග්ධන හිඟය.
නව ප්‍රවණතා:
- කිවුල් දිය ආශ්‍රිතව ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වැනි මත්ස්‍ය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. (හේතුව විදේශීය රටවල් වල ඉස්සන්ට වැඩි ඉල්ලුමක් තිබීම)
- ජල ජීවී වගාව (හොඳ පැටවුන් ලබා ගැනීමට)
- ධීවර නිෂ්පාදන කටයුතු දියුණු කිරීමට ධීවර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම.
- කිරින්ද
- කල්පිටිය
- ඕලුවිල්
- වයඹ වෙරළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම.
- පුත්තලම
- කල්පිටිය
- නැගෙනහිර වෙරළේ ධීවර සංවර්ධන ව්‍යාපෘති වලට ජපන් රජයේ ආධාර ලැබීම.
- ණය පහසුකම් පුළුල් කිරීම.
- ධීවර රක්ෂණ ක්‍රමයක් ඇරඹීම.
- දියවර ගම්මාන වැඩපිළිවෙළ ආරම්භ කිරීම.
- ධීවර සමූපකාර සමිති පුළුල් කිරීම.
- අයිස් නිෂ්පාදනාගාර ඇති කිරීම.
- ධීවරයන් පුහුණු කිරීමේ ආයතන පිහිටුවීම.
- මීගමුව
- ධීවර ආම්පන්න පහසු මිළට සැපයීම.
- ධීවර පර්යේෂණ ව්‍යාප්ත කිරීම.
- සාගර විශ්ව විද්‍යාල ඇති කිරීම.
තොරතුරු ටික නම් සුපර්බ් ......thanx..
ReplyDeleteWelcome :)
DeleteThank you.. :)
ReplyDeleteසුපිරි
ReplyDeletethanks
ReplyDeleteThanks
ReplyDeleteThanks..��✌️✌️
ReplyDeleteThe best casino to play Blackjack in 2021 - Goyang Casino
ReplyDeleteLooking for a fun game to play at the world's most popular casino? 벳 인포 스포츠 토토 분석 Goyang Casino has 토토 사이트 목록 the 마틴게일전략 best blackjack 바카라노하우 tables from major suppliers. bet365 com au