Thursday, May 2, 2013

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව.


ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව

Piperaceae කුලයට අයත් ගම්මිරිස් කුළුබඩු වර්ග අතර ප‍්‍රමුඛස්ථානයක් හිමිකරගන්නා ඖෂධීය ගුණයන්ගෙන් යුත් අපනයන බෝගයකි. ගම්මිරිස් ඔබේ ගෙවත්තේම වගා කරගනිමින් අරපිරිමැස්මක් ද කරගත හැකියි. ගෙවතු වගා කිරීමේදී ගම්මිරිස් පඳුරු කිපයක් එකවර වගා කර ගැනීම වඩාත් සුදුසුය. නිසි කළට වේලාවට වගාකරගත හොත් ගම්මිරිස් වගාව ඉතා පහසුය. ගෙවත්තක ගම්මිරිස් පැළ කීපයක් වගා කරගන්නේ කෙසේදැයි ඇතැම් අය තුළ අවබෝධයක් නොවේ. හොඳ සරුවට වැඩුණු ගම්මිරිස් වැළකින් කපාගත් ඉති කීපයක් මැටි බඳුන් වල හෝ පොලිතීන් බෑග් වල සිටුවා සෙවනේ තබා උදේ සවස වතුර දමන්න. හොඳින් මුල් ඇද පැළවු පසු වැඩුණු පැළ ගෙවත්තේ ඉඩ පාඩු ඇති තැන්වල සිටුවා ගන්නට ඔබට පුළුවන්.

ගම්මිරිස් පඳුරු බෝ කර ගැනීමට සිටුවාගත යුතු ඉති වල විශේෂත්වයක් තිබෙනවාද? 
බිම දිගේ ඇදෙන වැල් මේ සඳහා තෝරා ගන්න එපා. සෘජුව වැඩෙන වැල් වලින් ඉති කපා ගන්න. මෝරා ගිය දඬු වෙනුවට ළපටි ඉති තෝරා කපා ගන්න. ඉති සිටුවා ගැනීමේදී තැලීම් පොඩිවීම් නොවන ආකාරයෙන් ප‍්‍රවේශමෙන් සිටුවා ගන්නට වග බලාගන්න.

ගම්මිරිස් පැළ සිටුවීමට වළවල් කපාගත යුත්තේ කොහොමද? 
මේ සඳහා අඩි  2 * 2 වළවල් කපා දිරාගිය කොළ රොඬු වලින් එය පුරවා කළුපස් එක් කොට පැළය ඉන්දවීම සුදුසුම ක‍්‍රමය වුවද වැසි සහිත වකවානුවලදී බුරුල් පස් සහිත බිමේ ගල් ඉන්නකින් කොටාගත් කුඩා වලක ගම්මිරිස් පැළයක් ඉන්දවීමෙන් වුවද හොඳ ප‍්‍රතිඵල ඔබට ලබාගත හැකියි. මේවා කුඩා කාලයේදී අතු වියළෙන්නට බිදෙන්නට නොදී හොඳින් ආරක්‍ෂා කරගත යුතුය. ගෙවත්තේ සිටුවීමට සුදුසු ගම්මිරිස් පැළ ඔබට කෘෂි වෙළෙඳ ආයතනයකින් හෝ පැළ තවානකින් වූව ද මිල දී ගන්නට පුළුවන. ඇතැම් විට ගම්මිරිස් වගා කිරීම පිළිබඳ යමෙකුගෙන් ඔබ උපදෙස් විමසීමේදී මෙය ඉතා අපහසු කරදරකාරී කාර්යයක් ලෙසින් කරුණු දැක්වීමට හැකියි. නිසි කළට වේලාවට වගාකිරීමෙන් ඔබට ගැටලුකාරී තත්ත්වයක් මතු වන්නේ නෑ. මේ නිසාම ගෙවත්තේ ගම්මිරිස් පැළ කීපයක් හෝ සිටුවා ගැනීම හරිම ලෙහෙසියි. පහසුයි.  

ගම්මිරිස් ඵළදාව නෙළා ගැනීම මෙන්ම වියළා ගැනීම ද ඒතරම් අපහසු කාර්යයක් නොවේ. නිසිලෙස කප්පාදු කොට ගම්මිරිස් පඳුරු වල ඵළදාව නෙලා ගැනීම වඩාත් පහසුයි. ගසක් දිගේ හෝ කණුවක් ආධාරයක් කොටගත් ගම්මිරිස් වැළක පළදාව නෙලාගන්නට ඉනිමගක ආධාරය ලබාගත යුතු වෙයි. වැළෙන් නෙලාගත් ගම්මිරිස් බිමට දමනවා වෙනුවට ඉනේ බැදගත් කුඩා මල්ලකට එකතු කළ යුතුයි. එවිට ගම්මිරිස් ඇට වෙන් වී බිමට වැටීමෙන් වළක්වා ගත හැකියි. නෙලාගත් ගම්මිරිස් අස්වැන්න එකවරම තද අමුවේ වේළීම කළයුතු නැත. ඒවා දින කිහිපයක් සෙවණ සහිත මුල්ලක තබා පසුව උතුරන වතුරේ විනාඩි කිපයක් පොඟවා ගෙන අව්වේ වියළාගත යුතුයි. හොඳින් වියළාගත් ගම්මිරිස් ඇට ටික කාලයක් යනතුරුම භාජනයක දමා භාජනයේ කට නොවසා තබන්න. වියළි ගම් මිරිස් ඇට පුස් කෑමෙන් වළක්වා ගන්නට එමගින් හැකි වේ.
ඔබගේ ගෙවත්තේ ගම්මිරිස් පඳුරු 10 ක් වත් වවාගන්නට හැකියාවක් තිබේ නම් ගෙදර ප‍්‍රයෝජනයට ගෙන යම් ප‍්‍රමාණයක් ගම්මිරිස් අලෙවි කර ගන්නට ද අස්වැන්න ලබාගන්නට පුළුවන. ගම්මිරිස් කවදත් හොඳ වෙළෙඳ පොළක් තිබෙන කුළුබඩු විශේෂයකි. 
වියළි ගම්මිරිස් ඇට කිලෝවක් රුපියල් 300 ක් පමණ වන අතර ගම්මිරිස් කැබැලි වශයෙන් හා කුඩු වශයෙන් ද කොටා පැකට් කර විකිණීමට හැකිය. 
බඩේ කැක්කුම හා සෙම අමාරු සඳහා ඉක්මන් කි‍්‍රයාකාරි ඖෂධයක් වන ගම්මිරිස් එදිනෙදා සකස් කරනු ලබන කෑම බීම පිණිස විවිධාකාරයෙන් යොදාගන්නා රසකාරකයකි. 

ප‍්‍රධාන වශයෙන්ම ගම්මිරිස් කෑම සඳහා යොදා ගන්නා ක‍්‍රම හතරකි. 
1. ගම්මිරිස් ඇට පිටින් යෙදීම. 
2. ගලේ අඹරා යෙදීම. 
3. තැලූ ගම්මිරිස් ඇට කැබලි යෙදීම. 
4. ගම්මිරිස් කුඩු යෙදීම. 
මේ අවස්ථා හතරේදී ගම්මිරිස් වලින් මතුවන රසය විවිධාකාර වන නිසා රසකාරකයක් වශයෙන් මේවා ලොකු වටිනාකමක් පෙන්නුම් කරයි.

16 comments:

  1. ඔයානම් හරිම සිරා කෙල්ලක්.හැන්දි මිටට කොටු වුන අය අතර මෝල්ගහක් විතර ඈතට ගිය කෙනෙක් ඔයා.

    ReplyDelete
  2. තොරතුරු මදක් වැරදි ය, ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී හමුවන්න,
    * සිටුවීමට ගන්නේ බිම දිගේ වැඩෙන වැල් හා මුදුන් රිකිලිය, එල්ල වැටෙන වැල් සුදුසු නොවේ.
    *සිටුවන පරතරය 8 x 8
    * වල පිරවීම දිරාගිය ගොම: මතුපිට පස්: කොහුබත් 1:1:1 අනුපාතයෙන් හා එප්පාවල රොක් පොස්පේට් 100 g

    ReplyDelete
    Replies
    1. Thank you for the information.. :)

      Delete
    2. Akkarayakata gammiris pela kiyak situwiya hekida?

      Delete
  3. උණු දිය ප්‍රතිකාරය (hot water treatment)
    කඩාගත් විගස ඇට ගලවාගතයුතුය.හොඳින් නටන ජලයේ විනාඩි 2 ක් පමණක් ගිල්ව ගත යුතුය,පසුව හොඳින් වියලා ගබඩා කල යුතුය,

    ReplyDelete
  4. මේ ලිපිය ගොඩක් ප්‍රයෝජන්වත්. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  5. ඔබ කියන ගොඩාක් දේ හරි.වගාව සදහා යෙදිය යුත්තේ මුදුන් රිකිලි වලින් පමණක් සකසන පැල.නමුත් අවාසනාවට එහෙම මුදුන් රිකිලි වලින් පමණක් සකසන පැල කිසිදු තවාන්කරුවෙක් සකසන්නේ නැහැ.මුදුන් රිකිලි වලින් සකසන පැල මාස 8 ට 10 ය යනකොට පුදිනවා.හොද කල් පැවැත්මක් මෙන්ම පලදාවක්ද තියෙනවා,වැඩිදුර විස්තර ඕනෙනම් 0771935945 අමතන්න.

    ReplyDelete
    Replies
    1. Thank you for the information Mr. Nishantha :)

      Delete
  6. ඔබ කියන ගොඩාක් දේ හරි.වගාව සදහා යෙදිය යුත්තේ මුදුන් රිකිලි වලින් පමණක් සකසන පැල.නමුත් අවාසනාවට එහෙම මුදුන් රිකිලි වලින් පමණක් සකසන පැල කිසිදු තවාන්කරුවෙක් සකසන්නේ නැහැ.මුදුන් රිකිලි වලින් සකසන පැල මාස 8 ට 10 ය යනකොට පුදිනවා.හොද කල් පැවැත්මක් මෙන්ම පලදාවක්ද තියෙනවා,වැඩිදුර විස්තර ඕනෙනම් 0771935945 අමතන්න.

    ReplyDelete
  7. මමත් වගාවට හරිම ආසයි.

    ReplyDelete
  8. මමත් වගාවට හරිම ආසයි.

    ReplyDelete
  9. ඉඩමත් තියනවා වගාව කරන හැටිත් දන්නවා. එත් වගාවෙ අස්වනු එනකම් බලාකියගෙන ජිවත් වෙන්න තමා ක්‍රමයක් නැත්තෙ.

    ReplyDelete
  10. එතකොට පඳුරු බෝ කරගන්න හිටවන කොට යොදා ගන්න් මොන පස්ද ඉලූ?

    ReplyDelete