Thursday, May 2, 2013

ශ්‍රී ලංකාවේ කරදමුංගු වගාව.


ශ්‍රී ලංකාවේ කරදමුංගු වගාව
කුළුබඩු රැජින වශයෙන් ප්‍රසිද්ධව හැදින්වෙන කරදමුංගු, ඉගුරු පවුලට අයත් ඒකාකාර හැඩයෙන් රෛසෝම සහිත බහු වාර්ශික පදුරක ගෙඩි වේ. මෙය දකුණු ඉන්දියාවේ උපත ලද ගසකි. මෙය ශීත දේශගුණය හා හොදින් වර්ශාපතනය ලැබෙන ප්‍රදේශ වල වැඩේ.

මෙම කරදමුංගු ප්‍රධාන වශයෙන් වගා කරන්නේ බීජ මගින් හා රෛසෝම මගිනි. මෙම වගාවට සෙවණ අත්‍යාවශ්‍යය. ඉතා හොදින් ඉදුනු ගෙඩි වලින් බීජ ඉවත් කර සෝදා අළු සමග මිශ්‍ර කර දින 2-3ක් අව්වේ වියළා ගත යුතුය. මෙම බීජ තවාන් කර පැල ලබා ගත යුතුය.

සමතලා බිමේ මීටර් 2*2.5 පරතරයක් තිබිය යුතුය. වල වල් හාරා සත්ත්ව පොහොර හෝ කොල පොහොර හා මතුපිට පස් වලින් පිරවිය යුතුය. රොක් පොස්පේට් 100g ක්ද, මිශ්‍ර කල යුතුය. පොලොව මට්ටමින් 5cm කට පහලින් සිටින සේ බීජ පැල සිටුවිය යුතුය. යල හා මහ කන්න වල මුල් කාලය බීජ පැල සිටුවිය යුතු කාලයයි. සාමාන්‍යයයෙන් හෙක්ටයාර් 1කට පැල 2000ක් පමණ සෑදිය හැකිය.

අවුරුද්ද මුලුල්ලේම සති 3-6 කට වරක් අස්වනු ලබා ගත හැක. වේලී, පිපිරී යාමට ප්‍රථම ගෙඩි කඩාගත යුතුය. නැට්ට සමග ගෙඩි කතුරකින් කපා ගනු ලැබේ. කෘතිම ක්‍රමයට වියළා ගැනීමෙන් ගෙඩියේ කොල පාට එසේම රදවා ගත හැක. මේවා අව්වේ වියළීම නුසුදුසුය.


වේළීමෙන් පසු කම්බි දැලක හෝ වෙනත් ගොරෝසු පසුතලයක ගෙඩි අතුල්ලා අනවශ්‍ය නැටි කැබලි ඉවත් කිරීම සදහා සුළං කරනු ලැබේ. පැහැය ආරක්ෂා කරගනු පිණිස කළු පොලිතින් වලින් ඔතා ගෝනි මළු වල අසුරා තද ආලෝකයෙන් තොර තැනක අවසාන නිෂ්පාදනය ගබඩා කර තැබිය යුතුය.

මේවා ඉහළ වෙළද වටිනාකමකින් යුත් සියළුම රට වැසියන් ප්‍රිය කරන අපනයන කුළු බඩු වර්ගයකි.

4 comments: