Monday, June 3, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - එළු පාලනය (කොටස 5)


ශ්‍රී ලංකාවේ එළුවන් පාලනය.

  • යාපනය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක වල ප්‍රධාන වශයෙන් එළුවන් ඇති කෙරේ. පුත්තලම කොට්ටුකච්චිය නම් ස්ථානයෙහි එළු ගොවිපළක් ඇත. 
  • එළුවන් 10% ක් පමණ කිරි ලබා ගැනීම සඳහා ද 90% ක් මස් පිණිස ද යොදාගනී. ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක වුවද එළුවන් ඇති කල හැකිවේ.
ශ්‍රී ලංකාවේ ඇති කිරීමට උචිත එළු වර්ග:
  • ජම්නපාරි (Jamnapari) 
ඉන්දීය සම්භවයක් සහිත තරමක් විශාල ශරීරයක් ඇති වර්ගයකි. කන් විශාලය. එල්ලා වැටේ. දිග 25-50cm වේ. අං කෙටිය. පැතලි ය. ලෝම සිනිඳු ය. පිටේ සහ පාද පිටුපස ලෝම දිග ය. තන පුඩු විශාල ය. දුඹුරු වර්ණය බහුලය. කළු හා දුඹුරු මිශ්‍ර වර්ණද ඇත. දිනකට කිරි ලීටර 1.5 ක් පමණ ලැබේ. මේද ප්‍රතිශතය 5.6% - 6.0% වේ. බොහෝ විට එක් පැටවකු පමණක් බිහි කරයි. වැඩුණු පිරිමි සතෙකු 60-75kg ද ගැහැණු සතෙකු 50-60kg ද බර ය.  

  • සානන් (Saanen) 
මුල් උපත බ්‍රිතාන්‍යයේ සානන් මිටියාවතේ ය. විශේෂයෙන් කිරි ලබා ගැනීම සඳහා ඇති කෙරෙන වර්ගයකි. හිස දිගය. මුහුණ ඍජුය. කුඩා කන් කෙළින් ඉදිරියට නැවී ඇත. බෙල්ල දිගය. සිහින් ය. වර්ණය සුදු හෝ කහ පැහැයක් ගනී. ලෝම කෙටිය. දිනකට කිරි ලීටර 1.5-2.0 ලැබේ. වැඩුණු පිරිමි සතෙකු 75-90kg ද ගැහැණු සතෙකු 50-60kg ද පමණ බරය. උණුසුම් ප්‍රදේශ වලට ඔරොත්තු දීම අඩු ය. 

  • කොට්ටුකච්චි (Kottukachchiya) 
කොට්ටුකච්චිය ගොවිපොළේ සම්භවය වූ වර්ගයකි. මුල් උපත ඉන්දියාවේ ය. 1950 දී ඉන්දීය වර්ගයක් හා කොට්ටුකච්චිය ගොවිපොළේ දේශීය වර්ගක් අතර දෙමුහුමකි. ශ්‍රී ලංකාවේ කටුක පරිසර වලට ඔරොත්තු දේ. කළු පැහැති ය. දිග පාද හා කෙටි කන් ඇත. සැහැල්ලු ශරීරයකි. කෙටි ලෝම ඇත. මස් හා කිරි සඳහා යොදා ගැනේ. නිවුන් පැටවුන් බිහි කරයි. පරිණත පිරිමි සතෙකු 45kg ද ගැහැණු සතෙකු 35kg ද පමණ බරය. 

  • බෝයර් (Boer) 
දකුණු අප්‍රිකාවේ හා යුරෝපයේ සම්භවය සිදු වී ඇත. පාද කෙටි ය. කන් පුළුල් ය. කඩා වැටේ. උරස පුළුල් ය. ලෝම කෙටි ය. සිනිඳු ය. බෙල්ල හා හිස කොටස දුඹුරු පැහැ වන අතර සෙසු කොටස් සුදු පැහැයක් ගනී. ශරීරය විශාල ය. මස් සඳහා සුදුසු ය. පරිණත පිරිමි සතෙකු 80kg ද ගැහැණු සතෙකු 60kg ද පමණ බර ය. 


  • ශ්‍රී ලංකා බෝයර් (Sri Lanka Boer) 
බෝයර් පිරිමි සතුන් කොට්ටුකච්චිය හෝ ජම්නපාරි ගැහැණු සතුන් සමඟ දෙමුහුම් කිරීමෙන් මෙම වර්ගය නිපදවා ඇත. මධ්‍යම ප්‍රමාණයේ දිග පාද, කෙටි කන්, කෙටි ලෝම පිහිටයි. බෙල්ල හා හිස කොටස් කළු හෝ දුඹුරු පැහැ ගන්නා අතර ශරීරය සුදු පැහැයක් ගනී. විශාල ශරීරයක් ඇති මොවුන් මස් සඳහා මෙන්ම කිරි සඳහා ද යෝග්‍ය වේ. පරිණත පිරිමි සතෙකු 65kg ද ගැහැණු සතෙකු 45kg ද පමණ බර ය.


සත්ත්ව පාලනය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන අයුරු:
  • ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයෙහි වැදගත් අංශයක් වීම.
  • ග්‍රාමීය අංශයේ ස්වයං රැකියා උත්පාදනයට දායක වීම.
  • ජනතාවගේ පෝෂණ මට්ටම නංවාළීම.
  • අතුරු කර්මාන්ත මඟින් අතිරේක ආදායම් මාර්ග ලබා දීම.
  • ගොවිපල වලට පොහොර සපයා දීම.
  • කිරි ආහාර නිෂ්පාදනය තරඟකාරී මට්ටමක පැවතීමෙන් ආදායම වැඩි වීම.  

11 comments:

  1. ඔබේ අඩවියනම් අගනේය. මට ඒ තරම් මේ කරුණු ප්‍රායෝගිකව වැදගත් නොවුණත් මේ කරුණු මගේ දරුවන්ට නම් අත්‍යවශ්‍යයි. ජය වේවා දියණිය.

    ReplyDelete
    Replies
    1. මාගේ දැනුම තවකෙනෙකුට ලබා දීමට හැකිවීම පිළිබඳ මගේ සිත තුළ ඇත්තේ ද නොමඳ සතුටකි. බොහොම ස්තූතියි....!

      Delete
  2. godak watena lepi pelak mewage sinhala bashawen palawana lipi harema adui

    ReplyDelete
  3. යහපත් කටයුත්තක්

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කරුණු වලට බොහොම ස්තුතීයි. මම කිරි කර්මාන්තය සඳහා සානන් එළුවන් ඇති කිරීමට අපේක්ෂා කරනවා. කිරි දෙන්න පුළුවන් ආයතන මොනවද? ගාල්ල මාතර ආසන්නයේ. උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete