Sunday, May 26, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - ඌරු පාලනය (කොටස 4)

ශ්‍රී ලංකාවේ ඌරු පාලනය. ඌරු ගොවිපළවල් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ මුහුදු බඩ සත්ත්ව පාලන තීරුවේ ප්‍රචලිත වී ඇත. ගම්පහ ප්‍රදේශය ප්‍රමුඛ වන අතර පුත්තලම, කුරුණෑගල, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්ක වලද ඌරන් ඇතිකරනු ලැබේ. මස් ලබා ගැනීම මූලික අරමුණයි. රාජ්‍ය අංශයේ ගොවිපලවල හා පෞද්ගලික ගොවිපලවල ඌරන් ඇති කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඇති කිරීමට සුදුසු ඌරු වර්ග: ලාජ් වයිට් (Large White)  බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රදේශයේ සම්භවය සිදු වී ඇත. මොවුන්ගේ ශරීර...

Friday, May 24, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - කුකුළු පාලනය (කොටස 3)

ශ්‍රී ලංකාවේ කුකුළු පාලනය. වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල සහ බස්නාහිර පළාතේ කළුතර යන දිස්ත්‍රික්ක වලින් ආවරණය වන කුකුළු පාලන බිම් තීරුව (Poultry belt) තුළ කුකුළු පාලනය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව පවතී. මහනුවර, මාතලේ, ගම්පහ, කොළඹ, හම්බන්තොට දිස්ත්‍රික්ක වලද කුකුළු පාලනය සිදු කෙරේ. මෑතක සිට කුකුළන් ඇති කිරීම වානිජ මට්ටමින් වර්ධනය වී ඇත. පෞද්ගලික අංශය මෙහිදී ප්‍රමුඛත්වයක් ගනී. ප්‍රාග්ධන සූක්ෂම අභිජනන ගොවිපලවල්, කුකුළු කෑම නිෂ්පාදනාගාර, මස් පිණිස කුකුළන්...

Sunday, May 19, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - ගව පාලනය (කොටස 2)

ශ්‍රී ලංකාවේ ගව පාලනය. එළ හා මී ගවයින්ගෙන් 70%ක් පමණ වියළි කලාපයේත්, 30%ක් තෙත් කලාපයේත් ව්‍යාප්ත වී ඇත. 2000 පශු සංගනණයට අනුව ගවයින් මිලියන 1.5 ක්ද මී හරකුන් මිලියන 0.7 ක්ද වූ බව සඳහන් වේ. මී හරකුන් හා එළ ගවයින් සී සෑම, ගොයම් පෑගීම, බර ඇඳගෙන යාම වැනි කටයුතු සඳහා ගොවීන්ට උදව් වන අතර කිරි නිෂ්පාදනයටද දායක වේ. වර්තමානයේ කිරි නිෂ්පාදන කලාප ගණනාවක් ඇත. එනම් කඳුරට, මැදරට, පොල් ත්‍රිකෝණය, වියළි කලාපය, යාපනය අර්ධද්වීපය හා අන්තර් කලාපය යනුවෙනි. මෙම...

Wednesday, May 15, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය. (කොටස 1)

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය. අතීතයේ සිටම සත්ත්ව පාලනය ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත් කෘෂිකාර්මික කටයුත්තක් විය. මී ගවයින් හා එළ ගවයින් ඇති කිරීම එහි ලා ප්‍රමුඛත්වයක් ගත්තේය. මේ වන විට ඌරන්, එළුවන්, බැටළුවන් හා කුකුලන් ඇති කිරීම සත්ත්ව පාලන ක්ෂේත්‍රෙයහි වැදගත් තැනක් හිමි කරගෙන ඇත. දැනට බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් විසින් විශේෂීකරණය වූ සත්ත්ව ගොවිපළ සාර්ථකව පවත්වා ගැනේ. ප්‍රධාන සත්ත්ව නිෂ්පාදන අතර කිරි, මස්, බිත්තර වැදගත්...

Monday, May 13, 2013

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය හා මත්ස්‍ය වගාව.

ධීවර කර්මාන්තය හා මත්ස්‍ය වගාව. ධීවර කර්මාන්තය වැදගත් ආර්ථික කටයුත්තක් වීමට හේතු: ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීම.   සේවා නියුක්තියට ඉඩකඩ ලැබීම. විදේශ විනිමය ඉපයීම. ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලැබීම. හිතකර භූගෝලීය සාධක: දිවයින වටා පිහිටි වෙරළ තීරය. (වර්ග කිලෝමීටර් 21576 ක් වූ නොගැඹුරු මහාද්වීප තටාකයක් තිබීම)  මත්ස්‍ය ආහාර බහුල වීම.  කඩතොලු සහිත වෙරළක් තිබීම. (ධීවර යාත්‍රා නවතා තැබීමට හා වරාය සඳහා) කඩතොලු වෙරළ ආශ්‍රිත...

Friday, May 10, 2013

ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව.

ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව. ලෝකයේ අග්‍රගන්‍යම කුරුඳු ලෙස ශ්‍රී ලංකාවේ කුරුඳු සැකයකින් තොරව හැදින්විය හැක. ලෝක වෙළදපොළට සත්‍ය කුරුඳු සපයනු ලබන්නේ ශ්‍රී ලංකාව විසිනි. ශ්‍රී ලංකාවට ආවේණික වූ ආර්ථිකව වැදගත් බෝගයක් වන්නේ කුරුඳු ය. කුරුඳු නිවර්තන ශාකයකි. ශුශ්ක දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන විවිධ පාංශු තත්ත්වයන් යටතේ වගා කල හැකි බෝගයකි. ‘සිනමෝමම් වෙරම්‘ යනු වානිජ මට්ටමින් සාදන කුරුඳු වර්ගයකි. තවත් කුරුඳු වර්ග කීපයක්ම ඇත. බීජ මඟින් පමණක්ම බෝ කර ගනී....

Tuesday, May 7, 2013

ශ්‍රී ලංකාවේ කෝපි වගාව.

ශ්‍රී ලංකාවේ කෝපි වගාව. වර්ෂ 1503 දී අරාබි ජාතිකයන් විසින් කෝපි වගාව මෙරටට හඳුන්වා දී ඇත. නමුත් ඕලන්ද ජාතිකයන් 1658 දී කෝපි වගාව ආරම්භ කරන ලදී. කෝපි වගාව ලාභදායක වගාවකි. රුබියාගේ කුලයට අයත් කොපියා ගනයේ විශේෂ 60ක් පමණ ඇත. මෙයින් ආර්ථික වැදගත්කමින් යුක්ත විශේෂ නම් කොපියා ඇරබිකා, කොපියා කැනිපෝරා, කොපියා ලයිබේරිකා වේ. කෝපි අතුරු බෝගයක් ලෙස වගා කල හැක. එසේ නැතිව තනි තනිව වගා කරන්නේ නම් 3*3m වනසේ පඳුරු සහිත කෝපි පැල 1100ක් හෙක්ටයාරයක වගා කල හැක....

Sunday, May 5, 2013

ශ්‍රී ලංකාවේ සාදික්කා වගාව.

ශ්‍රී ලංකාවේ සාදික්කා වගාව. සාදික්කා පැළය නැගෙනහිර ඉන්දුනීසියාවේ බිහිවුන අතර, එය ලංකාවට හඳුන්වා දී ඇත්තේ 19 වෙනි සියවසේ මුල් භාගයේදීය. සාදික්කා ගසෙහි පළිබෝධ හෝ රෝග කිසිවක් නැත. මෙය බීජ මඟින් ම බෝ කර ගන්නා නිසාත් අතුපතර විහිදෙන විශාල ශාකයක් වන නිසාත් වඩාත් ඉඩකඩ ඇතිව පැල කරගනු ලැබේ. මෙය මිශ්‍ර වගාවක් ලෙස තේ වතු වල ද වගා කල හැකිය. සාදික්කා ගසෙන් කුළු බඩු වර්ග 2ක් ලබා ගත හැකිය. සාදික්කා ඇටයේ මදය හා ඇටය වටා දැලක් සේ ඇති රතු පැහැති වසාවාසි කොටසයි....

Friday, May 3, 2013

ශ්‍රී ලංකාවේ කරාබු නැටි වගාව.

ශ්‍රී ලංකාවේ කරාබු නැටි වගාව. කරාබු නැටි පැලය පේරාදෙණිය උද්භිත උද්‍යානයේ රෝපණය කරන ලද එක් පැළෑටියකින් බෝ කරගෙන ඇත. එබැවින් එහි විවිධ වර්ග හෝ රෝග නැත. මුහුදු මට්ටමේ සිට 1000m පමණ උස් වූ තෙත් සහිත නිවර්තන කලාපීය දේශගුණික කලාප වල කරාබු නැටි ඉතා සාරවත් ලෙස වැඩේ. තෙත් කාලයක් මෙන්ම වියළි කාලයක් තිබීම ද කරාබු නැටි වැවීමට ඉතා සුදුසු වේ. මුල් අවුරුදු 2-3 සෙවණේ වැඩුන ද, ඉන්පසු ආලෝකය ලැබීමට සැලසීම ඉතාම ප්‍රයෝජනවත්ය. විවිධ පස් වර්ග වල කරාබු ගස මනාව වැඩේ. පැකට්...