Friday, April 26, 2013

Introduction to Agriculture...



කෘෂිකර්මය


කෘෂිකර්මය යනු ගොවිතැන හෝ වැවිලි මගින් ආහාර නිපදවීමයි.
දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉන්දු නිම්නයේ විශාල ලෙස පැවති බව වර්ෂ 1980 හි පසුභාගයේ දී කරන ලද සමහර අධ්‍යනයක් මගින් පෙන්වා දෙයි. මර්ගාර් හි ජනයා පරිසරයට හුරු කළ තිරිගු සහ බාර්ලි භාවිතා කළ බවත් වගා කරන ලද ප්‍රධාන ධාන්‍ය වර්ගය වුයේ තීරු දෙකෙහි බාර්ලිවලින් උපදවාගත් බෝගයක් වු වැස්මක් රහිත තීරු හයේ බාර්ලිවලින් වර්ගයක් බවත් ප්‍රකටය. (සාෆර් සහ ලිච්ස්ටෙන්ස්ටයින් 1995) කෙසේ වුව ද සොරියන් ෆුලර් වැනි අනෙකුත් අය මැද පෙරදිග තිරිඟු ආසියානු තත්ත්වයට හුරුවිමට අවුරුදු 2000 ක පමණ කාලයක් ගත වු බව පවසයි.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කෘෂිකර්මය ඉතාමත් ඵලදායි එකක් වුවා විය යුතුයි. මුලික වශයෙන් කෘෂිකර්මයේ නොයෙදුණු නාගරික වැසියන් දසදහස් ගණනක් නඩත්තු කිරිමට ප්‍රමාණවත් අතිරික්තයක් නිපදවීමට ඊට හැකිවිය. එය නගුල වැනි පුර්ව හරප්පානු සංස්කෘතියේ සැලකිය යුතු ශිල්පිය ජයග්‍රහනයක් මත රඳා පැවතිනි. එසේ වුව ද නගර නඩත්තු කළ ගොවියන් හෝ ඔවුන්ගේ කෘෂිකාර්මික විධික්‍රම පිළිබඳව දැනුවත්ව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙක් නිසැකවම ගංගාවන්හි ජල ගැලීම් කාලයන්ගෙන් පසු ඉතිරිවන සාරවත් දියලු පස ප්‍රයෝජනයට ගන්නට ඇත. නමුත් කෘෂිකර්මයේ මෙම සරල ක්‍රමය නගර නඩත්තු කිරිමට තරම් ඵලදායි වුවායැයි නොසැලකේ. වාරිමාර්ග පිළිබදව සාක්ෂි නොමැති වුව ද එවැනි සාක්ෂි යළි යලිත් ඇත් වු විනාශකාරි ජලගැලිම්වලින් මැකි ගියා විය හැකිය.
නාගරික සංස්කෘතියේ හා රාජ්‍යයේ ආරම්භය පිළිබඳව ජලමුලක ඒකාධිපතිත්වය උපකල්පිතය ඉන්දු ශිෂ්ටාචාරය මගින් ප්‍රතික්ෂේප වන බව පෙනේ. මෙම උපකල්පිතයට අනුව සියලූම පැරණි මහා පරිමාණ ශිෂ්ටාචාරයන් ඇති වුයේ විශාල කෘෂිකාර්මික අතිරික්තයන් නිපදවිමේ හැකියාව තිබු වාරි පද්ධතින්හි අතුරු ඵලයක් වශයෙනි.
සුක්ෂම කෘෂිකාර්මික නිෂ්පාදනයක් සදහා අමුණු සහ ඇලවල් අවශ්‍ය බව බොහෝවිට පිළිගැනිණි. මෙම සිතාගැනිම පහසුවෙන් නිෂ්ප්‍රභා කරන ලදි. ආසියාව පුරා වි ගොවියන් හෙල්මලූ සහිත කඳුකර කුඹුරුවලින් සැලකිය යුතු කෘෂිකාර්මික අතිරික්තයක් නිපදවනු ලබති. එහි ප්‍රතිඵල ලබාගනුයේ වහල් මෙහෙයෙන් නොව පරම්පරා ගණනක ජනතාවගේ එකතු වු ශ්‍රමයෙනි. ඇල මාර්ග තැනිම වෙනුවට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ජනයා පරම්පරා කිහිපයක සුළු පරිමාණ ශ්‍රම ආයෝජනයක් ලෙස විස්තර කළ හැකි හෙල්මළු සහිත කෘෂිකර්මය වැනි ජලය හැරවීමේ ක්‍රම ගොඩනැගුවා විය හැකිය. කෙසේ වුව ද එවැනි ඇලවේලි වයඹ දිග ඉන්දියාවෙන් ද (ෆ්‍රැන්ක්ෆෝට්) හමු වී ඇත. වර්ෂය තුළ පතිතවන වර්ෂාපතනයෙන් වැඩි කොටසක් මාස හතරක් තුළ ලැබෙන දේශගුණික රටාවක් සහිත මෝසම් ආශ්‍රයෙන් තම ජිවිතය ගොඩනගා ගැනිමට හැකිවුයේ ඉන්දු ශිෂ්ටාචාරයේ ජනයා අතුරින් නැගෙනහිර දෙසින් විසු අයට පමණකි. අනෙකුත් අයට වඩා උස් භූමි ප්‍රදේශයන්හි සිදුවන හිම දියවිමේ ප්‍රතිඵලයක් වශයෙන් ගංගාවල ඇතිවන ඍතුමය ජලගැලිම් මත රඳා පැවැත්මට සිදුවිය.
ඔවුහු ගවයින්, වලසුන්. වල් ඌරන්. බල්ලන්, මී හරකුන්, ආසියානු හස්තීන්, වඳුරන්, ඔටුවන්, කුකුලන්, එළුවන්, බළලුන් සහ බැටලුවන් වැනි සතුන් හීලෑ කර ගත්හ.


ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පසුබිම


සංවර්ධනය වන රටක් ලෙස ලංකාවට ලෝකයේ වැදගත් තැනක් හිමිවේ. ආදි මිනිසාගේ ශිෂ්ටාචාරය දෙස බලන විට ජීවනෝපාය ලෙස කෘෂිකර්මය යොදාගත් බව ඉතිහාසයේ සදහන් වේ. එයට ඉදිරිපත් කළ හැකි සාධක නම්;
  •  විජය රජු සමග පිරිස තම්මැන්නා අඩවියෙන් ගොඩබැස රට තුළට සංක්‍රමණය වන විට කුවේණිය කපු කටිමින් සිටීම. තවද පැමිණි පිරිසට බතින් බුලතින් සංග්‍රහ කිරීම.
  • විජය රජු සහ පිරිස ජලාශ්‍රිත ප්‍රදේශ වූ මල්වතු ඔය, වලවේ ගග, කලා ඔය ආශ්‍රිතව ජනපද පිහිටුවා ගැනීම. 
  • ගෝනිගල සෙල් ලිපියට අනුව කන්න 3ක් වගාකර අස්වනු ලබාගත් බව සදහන් වේ. (පිට දඩහස, අකලහස, මදහස)
  •  නූතන වාරිමාර්ග ඉංජිනේරුවන් පවා මවිතයට පත්කල වැව් සහ වාරි මාර්ග රාශියක් ඉදිකර තිබීම. එම කාලසීමාවේ දී වැව් බැදි රාජ්‍යය ලෙස ද හදුන්වනු ලැබීය.
  • මහා පරාක්‍රමබාහු රජතුමා පොළොවට වැටෙන එකම ජල බිංදුවක්වත් අපතේ යා නොදී එක් රැස් කර ගොවිතැන් කළ නිසා පෙරදිග ධාන්‍යාගාරය යන විරුධාවලිය ලබාගත් බව ඉතිහාසයේ සදහන් වේ. තවද සතියක් තුළ සහල් නැව් තුනක් ආනයනය කල බවද එම කාලසීමාව පැරකුම් යුගය ලෙස හැදින්වූ බවද ඉතිහාසයේ සදහන් වේ.
  • සිංහලයන්ගේ ජල තාක්ෂණයේ උදාර බව, පරිපූර්ණ බව, නිර්මාණශීලී බව කියා පාන යෝධ ඇළ ව්‍යාපෘතිය (ජය ගග) පෙන්වා දිය හැක. කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැව දක්වා ජලය රැගෙන යාමට සකස් කරන ලද මෙම ඇළ මාර්ගය 4km දිග, 13m පළල ඇළකි. මෙය සාදන විට 1km ක් දුර යනවිට 95mm බැස්මක් ඇතිව සාදන ලද්දකි.
  • ආදි මිනිසාගේ විවේක කාලය ගත කිරීමට වෙහෙර විහාර සෑදු බව ඉතිහාසයේ සදහන් වේ. මෙම සංකල්පය වැවයි දාගැබයි නම් වේ.
පැරණි ජනතාව ගෙන ගිය කෘෂිකාර්මික රටාව ක්‍රම ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත් අතර ඒ සදහා හේතු වූ කරුණු ලෙස;  
    • කාලිංඝ මාඝ ආක්‍රමණය.
    • රාජ්‍ය පාලනය දුර්වල වීම.
    • රාජධානි මාරු වීම.
    • වසංගත රෝග පැතිරීම (මැලේරියාව/පාචනය)
    • රට තුළට ජනතාව සංක්‍රමණය විම,   පෙන්වා දිය හැකිය.
විදේශ ආක්‍රමණයෙන් පසු වතු වගාව

        ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුග්‍රීසි ආක්‍රමණයන්ගෙන් පසු ලංකාවේ වතු වගාව ආරම්භ විය. 1840දී වතු වගාව ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන් කුළුබඩු බෝග වගා කරන ලද අතර මෙම කාලසීමාව තුළ කුළුබඩු බෝග ආනයනය කෙරූ බවද ඉතිහාසයේ සදහන් වෙයි. ප්‍රථමයෙන් කෝපි වගාව මාතලේ දී ආරම්භ කරනු ලැබූ අතර මෙම වගාව ඉතාම දියුණු මට්ටමකට පත්විය. ඒ සදහා පහත කරුණු බලපාන ලදී.
    • 1840 වන විට ක්‍රීයාත්මක වූ මුඩු බිම් පනත.
    • තීරු බදු අඩු කිරීම.
    • කෝපි වලට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වීම.
    • පෞද්ගලිකව වගාවට දිරි ගැන්වීම.

උඩරට ජනතාව වතු වගාව නිසා එයට මැදි වූ අතර, මේ නිසා කුලී වැඩ අත්හරින ලදී. වගාවන්හි අස්වනු නෙලීමට ද ජනතාව හිග වු අතර ඉන්දියාවෙන් කම්කරුවන් මෙරටට ගෙන්වන ලදි. ක්‍රමයෙන් කෝපි වගාවට රෝග වැළදීම නිසා පිරිහීමට පත්වූ අතර ඉන්පසු සින්කෝනා වගාව ආරම්භ කරන ලදී. වර්ෂ 1868 වන විට ආර්ථික බෝග වන තේ, පොල්, රබර් වගාවන් ආරම්භ කරන ලදී.



History of Agriculture



Agriculture involving domestication of plants and animals was developed at least 10,000 years ago, although even earlier people began altering plant and animal communities for their own benefit through other means such as fire-stick farming. Agriculture has undergone significant developments since the time of the earliest cultivation. The Fertile Crescent of Western Asia, Egypt, and India were sites of the earliest planned sowing and harvesting of plants that had previously been gathered in the wild. Independent development of agriculture occurred in northern and southern China, Africa's SahelNew Guinea, parts of India and several regions of the Americas. Agricultural practices such as irrigationcrop rotationfertilizers, and pesticides were developed long ago but have made great strides in the past century. The Haber-Bosch method for synthesizing ammonium nitrate represented a major breakthrough and allowed crop yields to overcome previous constraints.

In the past century, agriculture in the developed nations, and to a lesser extent in the developing world, has been characterized by enhanced productivity, the replacement of human labor by synthetic fertilizers and pesticides, selective breeding, and mechanization. The recent history of agriculture has been closely tied with a range of political issues including water pollutionbio fuelsgenetically modified organismstariffs, and farm subsidies. In recent years, there has been a backlash against the external environmental effects of mechanized agriculture, and increasing support for the organic movement and sustainable agriculture.











1 comment:

  1. ඉතාමත් සතුටුයි.හරිම සාර්ථක උත්සහයක්.ඔයාගේ study field එක මොකක්ද?agriculture ද?

    ReplyDelete