ශ්‍රී ලංකාවේ රබර් වගාව
රබර් වගාව සදහා ප්‍රධාන අපනයන බෝග අතුරෙන් දෙවෙනි තැන හිමිවේ. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 8% ක් රබර් වගාවෙන් ලැබේ. රබර්, ප්‍රාථමික අමුද්‍රව්‍යයක් වශයෙන් අපනයනය කිරීම කැපී පෙනේ.
වගා ප්‍රදේශ:
- කෑගල්ල
- කළුතර
- රත්නපුරය
- කොළඹ
- ගාල්ල යන දිස්ත්‍රික්ක වල වැඩි වශයෙන්ද,
- මාතලේ
- මහනුවර
- මාතර
- මොණරාගල යන දිස්ත්‍රික්ක වල සුළු වශයෙන්ද ව්‍යාප්ත වී ඇත.
වගාවට බලපාන සාධක:
- 27 (සෙල්සියස්) ට ආසන්න ඒකාකාරි මධ්‍ය උෂ්ණත්වයක් තිබීම.
- වසර පුරා පැතිරුණු 2000mm ට වැඩි වාර්ෂික වර්ෂාපතනය.
- කබොක් මිශ්‍ර රතු පස.
- බෑවුම් ප්‍රදේශ තිබීම.
ප්‍රවණතා:
- දේශීය ඉල්ලුම වැඩි වීම.
- ටයර්
- ටියුබ්
- පාවහන්
- සෙල්ලම් බඩු
- උපදේශන සේවාවන් පුළුල් වීම මගින් රබර්, නැවත වගාවට පෙළඹීමට හා අලුත් වගාවට සූදානම් වීම. (2005 රබර් නැවත වගාව හෙක්ටයාර් 1,448 කි)
- මෙතෙක් රබර් නොවැවූ මොණරාගල දිස්ත්‍රික්කයේද රබර් වැවීම ආරම්භ කිරීම. (වසර 10ක් තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 40,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇත)
- කෘතිම රබර් නිෂ්පාදන වියදම වැඩිවීම (ඛනිජ තෙල් මිළ ඉහළ යාම) නිසා ස්වාභාවික රබර් වලට ඇති ඉල්ලුම වැඩි වීම.
- ත්‍රී රෝද රථ සදහා ටයර් නිෂ්පාදනයට පෙළඹීම.
- තුරුණු ශක්ති රබර් සමිති පිහිටුවීම.
- කැනඩාව වැනි රටවල් සමග රබර් ගිවිසුම් ඇති වීම හේතුවෙන් නව වෙළදපොළවල් ඇති වීම.
නිෂ්පාදනය හා වෙළදාම:
- ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන මිල දී ගන්නා රටවල්;
ගැටළු:
- අඩු ඵලදාව.
- ශ්‍රමික හිගය.
- නිෂ්පාදන වියදම අධික වීම.
- අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා ඇතිවන බාධා.
- කෘතිම රබර් නිසා එල්ලවන තරගය.
- මිල උච්චාවචනය.
- ඉන්ධන මිල ඉහළ යාම.
- ප්‍රාථමික අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීම නිසා ලැබෙන ආදායම අඩු වීම.
- වගා කරන බිම් ක්‍රමයෙන් අඩුවීම.
වගාව දියුණු කිරීමට ගෙන ඇති පියවර:
- නිෂ්පාදන අලෙවි කර ගැනීමට ලංකාව, ජාත්‍යන්තර ස්වාභාවික රබර් ගිවිසුම් වලට සම්බන්ධ වීම. මේ නිසා වෙළදපොළ සුරක්ෂිත කරගෙන ඇත. (චීනය-ලංකාව)
- මෙරට බොහෝ ප්‍රදේශවල පවතින පැරණි රබර් වගාව ඉවත් කර නැවත රබර් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එහිදී පැළ, පොහොර, වෙනත් සහනාධාර ලබා දෙයි. ඒ අනුව 2003 වන විට අලුතින් හෙක්ටයාර 6000ක් පමණ වගා කර ඇත.
- විවිධ පර්යේෂණ මගින් රබර් විශේෂ හදුන්වා දීම.
- අගලවත්ත රබර් පර්යේෂණාගාරය මගින් වැඩි ඵලදාවක් ලබාදෙන රබර් විශේෂ හදුන්වා දී ඇත.
- මෑත කාලයේදී මෙරට රබර් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් දේශීය කර්මාන්ත සදහා යොදා ගැනීම.
- ටයර්
- ටියුබ්
- පාවහන්
වටිනා ලිපියක්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න