Monday, April 29, 2013

ශ්‍රී ලංකාවේ වී වගාව ( කොටස 1)


ශ්‍රී ලංකාවේ වී වගාව
දිවයිනේ තනි බෝගයක් ලෙස වැඩිම බිම් ප්‍රමාණයක් යොදවා ඇත්තේ වී වගාවටයි. එය රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 42% ක් පමණ වේ.

වී වගා ප්‍රදේශ:
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වී වගා කරනු ලැබේ. වැඩිම වගා බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද අඩුම බිම් ප්‍රමාණය නුවර එළිය දිස්ත්‍රික්කයේ ද වේ. තෙත් කලාපයේ වර්ෂා ජලයෙන් ද වියළි කලාපයේ වැඩි වශයෙන් ජල සම්පාදනයෙන් ද වී වගා කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ කන්න දෙකකට වී වගාව සිදු කරයි.

  1. යල කන්නය - අප්‍රේල් සිට සැප්තැම්බර්
  2. මහ කන්නය - ඔක්තෝම්බර් සිට මාර්තු
ශ්‍රී ලංකාවේ වී වගාව සිදු කරන ප්‍රධාන කලාප තුනකි.

  1. පහතරට වියළි කලාපීය බිම්.
  2. පහතරට තෙත් කලාපීය බිම්.
  3. කදුරට බිම්. 

අවශ්‍ය සාධක:

  • 21-32 (සෙල්සියස්) උෂ්ණත්වය.
  • 1900 mm පමණ වූ වර්ෂාපතනය.
  • ජලය රදා පවතින දියළු මිශ්‍ර මැටි පස.
  • තැනිතලා බිම් ප්‍රදේශ. (ජලය හොදින් රදවා තබා ගැනීමට හා පහසුවෙන් වගා කටයුතු කිරීමට)
  • අස්වැන්න නෙළන කාලයට වියළි බව. (නුවර එළිය දිස්ත්‍රික්කයේ සීමිත කොටසක් හැර ශ්‍රී ලංකාවේ අනෙක් සියළුම ප්‍රදේශ වී වගාවට යෝග්‍ය යි)
ආශ්‍රිත ගැටළු:
  • ගොවීන්ගේ ණයගැති භාවය.
  • කුඹුරු ඉඩම් කට්ටි වී යාම.
  • ස්වාභාවික ආපදා (ගංවතුර, නියගය)
  • අඩු අස්වැන්න.
  • වී අලෙවි කර ගැනීමේ දුෂ්කරතා.
  • නිෂ්පාදන වියදම වැඩි වීම.
  • ශ්‍රමිකයන් ශ්‍රම සූක්ෂම වෙනත් අංශ කරා යොමු වීම.
  • කුඹුරු ඉඩම් ගොඩ කිරීම.
  • සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම භාවිතා කිරීම.
  • ගොවිතැනෙහි යෙදී සිටින විශාල පිරිසක් සුළු ගොවීන් වීම.
  • කෘෂි උපකරණ වල මිල අධික වීම.
  • ඉන්ධන මිල වැඩි වීම.
  • ජල සම්පාදනයේ ගැටළු.
ගැටළු විසදීමට ගෙන ඇති පියවර:
  • වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීම.
  • ගොවි ජනපද ව්‍යාපාරය.
  • බහුකාර්ය සංවර්ධන ව්‍යාපාර ඇති කිරීම.
  • පංච මහා වැව් නවීකරණය කිරීම.
  • දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය යෝජනා ක්‍රමය.
  • නව බීජ හදුන්වා දීම.
    • BG 11
    • BG 8/34
    • 1/400
    • H4
    • BW 267
    • AT 581
    • BG 500
  • කෘෂි කාර්මික ව්‍යාපෘති සේවාවන් දියුණු කිරිම. 
  • ණය හා සහනාධාර ලබා දීම.
  • සහතික මිල ක්‍රමයක් ඇරඹීම.
  • ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය.
  • කෘෂි සංවර්ධන අධිකාරිය පිහිටුවීම.
ප්‍රවණතා:
  • වගා බිම් ප්‍රමාණය වැඩි වීම.
  • පොහොර සහනාධාරය.
  • වැඩි අස්වනු ලබාදෙන බීජ වර්ග භාවිතය.
  • නව තාක්ෂණය යොදා ගැනීම.
  • නව ගොවිතැන් ක්‍රම යොදා ගැනීම.
වී වගාව යැපුම් කෘෂිකර්මාන්තයට අයත් වේ. යැපුම් කෘෂිකර්මාන්තය යටතේ වී වගාවට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිධ බෝග වර්ග වගා කරනු ලැබේ. වියළි කලාපයේ වැඩි වශයෙන් කුරක්කන්, බඩ ඉරිගු, අමු, මෙනේරි වැනි ධාන්‍ය වර්ගත් උඩරට හා පහතරට ප්‍රදේශ වල එළවළු හා පලතුරු යනාදියත් වගා කර ඇත.
 
ශ්‍රී ලංකාවේ පැරණි වී ප්‍රබේද කිහිපයක්: 
  • මා වී
  • දික් වී
  • හීනටි
  • හේරත්බණ්ඩා
  • සුවදැල්
  • කළු වී

0 comments:

Post a Comment