Sunday, April 28, 2013

ශ්‍රී ලංකාවේ තේ වගාව (කොටස 1)


ශ්‍රී ලංකාවේ තේ වගාව

වගා ප්‍රදේශ:

    • මහනුවර
    • බදුල්ල
    • රත්නපුරය
    • නුවරඑළිය
    • මාතලේ
    • කෑගල්ල
    • ගාල්ල
    • මාතර
    • කළුතර
බලපාන භෞතික සාධක:
  • 15.6 සිට 27 (සෙල්සියස්) දක්වා උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ.
  • 1900 mm - 5460 mm දක්වා වසර පුරා පැතිරුණු වර්ෂාව.
  • ජලය බැස යන මද බෑවුම් සහිත බිමක්.
  • ලෝම සහ ලැටරයිට් පස්.
බලපාන ආර්ථික සාධක:
  • ස්ථිර සේවක පිරිසක්.
  • පරිවහන පහසුකම්.
  • විශාල ප්‍රාග්ධනයක්.
  • විදේශීය වෙළදපොළ.
ප්‍රවණතා:
  • කුඩා තේ වතු අංශයේ ඵලදායිතාව ඉහළ මට්ටමක පැවතීම. 2005 වර්ෂයේ සමස්ථ තේ නිෂ‍්පාදනයෙන් 65% ක දායකත්වයක් හිමිකර ගැනීම.
  • නැවත වගාවට නැඹුරු වීම.
  • රිකිලි තේ වගාව හදුන්වා දීම.
  • පර්යේෂණ කටයුතු පුළුල් කිරීම.
  • තේ ශක්ති අරමුදල ආරම්භ කිරීම.
  • තේ කම්හල් නවීකරණය කිරීම.
  • තේ ආශ්‍රිත අපනයනය නවීකරණය වීම.
  • තේ ඉඩම් පෞද්ගලීකරණය වීම.
ගැටළු:
  • යෙදවුම් මිල ඉහළ යාම.
  • වෙනත් ආදේශක පාන වලින් එල්ලවන තර්ජන. 
    • කොකා කෝලා වැනි බීම වර්ග
    • කෝපි
  • වෙනත් රටවල නිෂ්පාදනය අධික වීම නිසා ජාත්‍යන්තර වෙළදපොළේදී ඇතිවන තරගය.
    • ඉන්දියාව
    • ටැන්සානියාව
  • ලෝක වෙළදපොළට අළුතින් රටවල් එකතුවීමෙන් ඇතිවන කරගකාරී බව.
    • කෙන්යාව
    • උගන්ඩාව
    • මලාවි
  • පහතරට තේ කර්මාන්තයට ශ්‍රමිකයන් හිග වීම.
  • තේ වගා බිම් වල පාංශු ඛාදනය වැඩිවීම.
  • සේවක ගැටළු.
තේ වගාව හා නිෂ්පාදනය දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග:
  • තේ කර්මාන්ත ශාලා පුනරුත්තාපනය කිරීම හා නවීකරණය කිරීම.
  • කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පිහිටුවීම. එමගින් මුළු තේ වතු වලින් 30%ක් පමණ වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර හා උපදෙස් ලබා දීම. ඒ හැර පැළ, පොහොර ව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීම. 
  • විදේශ ආධාර යටතේ අළුත් බිම් වල වගා කිරීම.
  • විද්‍යුත් උපකරණ කර්මාන්තයට යෙදීම.
    • විද්‍යුත් තරාදි
    • තේ පිරිසිදු කරන යන්ත්‍ර
  • තේ ඇසුරුම් නවීකරණය කිරීම.
  • නිෂ්පාදන විවිධාංගීකරණය.
    • ක්ෂණික තේ
    • වැනිලා තේ
    • කොල තේ
ආශ්‍රිත කර්මාන්ත:
  • ක්ෂණික තේ
  • රසකල තේ
  • කොල තේ
  • තේ කුඩු
  • කැෆේන් රහිත තේ



1 comment:

  1. hodha article ekak. thawa tikak wistara unanm hodayi.
    tea gaena wadi wistara me link eken ganna
    http://sinhalasubjects.blogspot.com/2016/02/blog-post_5.html

    ReplyDelete